1. කබරගල අරණ්‍ය
Lenagiri Aranya Senasanaya, Kabaragala - සිත නිවන තැන
ලෙනගිරි අරණ්‍ය සේනාසනය පිහිටා තියෙන්නේ ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාතේ, කළුතර දිස්ත්‍රික්කයේ, වලල්ලාවිට ප්‍රාදේශීය බල ප්‍රදේශයට අයත් මීටර් 600 ක් පමණ උස්වූ කබරගල කදු ගැටයේ. වැදගත් කරුණු කිහිපයක් නිසා මේ ස්ථනය විශේෂිතයි.
කොළඹ සිට කළුතර හරහා හෝ මතුගමට පැමිණ, එතැන ඉදලා මීගහතැන්න බොරලුහෙන හරහා තවලම මාර්ගයේ මේ මනරම් පුණ්‍ය භූමියට ඔබට පැමිණෙන්න පුළුවන්. මිට අමතරව දක්ෂිණ අධිවේගී මාර්ගයෙන් එනවනම් කුරුදුගැහැතක්ම අන්තර් හොවමරුවෙන් පිටවී ඇල්පිටිය, පිටිගල හරහාද මේ අරණ්‍යට ඔයාලට එන්න පුළුවන්.

පිටිගල බොරළුහේන හන්දියෙන් තවලම පාරට හරී කිලෝමීටර් 8 ක් විතර ගියාම හමුවෙන ලෙනගිරි මාවතේ තවත් කිලෝමීටර්යක් විතර ගියාම කබරගල කන්ද පාමුල තියෙන ලෙනගිරි පන්සල හමුවෙනවා. එතන සිටත් අරණ්‍යට දුෂ්කර මාර්ගයක් ඔස්සේ කිලෝමීටර් 3 ක් විතර කන්ද නගින්න ඕනි. කන්ද නගින්න තියෙන පාර දුෂ්කර උනත් පරිසරයේ සිසිලස හා කුරුල්ලන්ගේ මිහිරි හඩත් නිසා ඒ දුෂ්කර විඩාබර ගතිය දැනෙන්නේ නෑ.
ඈත අතීතයේදී රහතන්වහන්සේලා භාවනානුයෝගීව වැඩසිටි මේ භුමිය පසුකලෙක විදිය බණ්ඩාර සෙන්පතියා රහසිගතව සැගව සිට යුධ සැලසුම් කිරීම අවිආයුධ නිෂ්පාදනය හා සේනා සංවිධාන කටයුතු සිදුකර ඇති බවට පුරාවිද්‍යාත්මක සාධක හමුව තිබෙනවා.
වීදියබණ්ඩාර සෙනවියා තවත් හේවායින් විසිදෙනෙකු සමගින් යුධ කටයුතු මෙහෙයවූ නිසා කලක් හේවාවිස්ස ලෙස හැදින්වූ මේ ප්‍රදේශයට දැන් කියන්නේ ඉහල හෙවෙස්ස කියලයි. බස්නාහිර හා දකුණු පළාත් වෙන්කරන මායිම් ගලද මේ කබරගල කන්දේ පිහිටා තිබීම විශේෂත්වයක්. අපි මේ කතාව ඇත්තද කියලා බලන්න GPS එකත් යොදා ගත්තා. මේ මායිම ඉතාමත් නිවැරදිව ලකුණු කරලා තියෙන බව අපි එකෙන් හොයා ගත්තා.
අදටත් විවිධ මාර්ගපල වලට ලගාවූ භාවනානුයෝගී ස්වාමීන්වහන්සේලා වැඩ හිදින මේ පුණ්‍ය භුමිය වෙත පැමිණෙන ඕනෑම කෙනෙකුට සිතට අමුතු හැගීමක් ඇති කරන බව නම් අනිවාර්යෙන් කියන්න ඕනි. එක වචනයෙන් විස්තර කරන්න බෑ. ඔයාලත් ගිහිල්ලම බලන්න.
ලෙනගිරි ආරණ්‍ය සේනාසනය තුල විශාල ප්‍රමාණයේ ගල් ලෙන් 15 කට අධික ප්‍රමාණයක් පිහිටා තිබෙනවා. ඉහල ජෛව විවිධතවයකින් යුතු මේ කබරගල කන්ද තුල පුරාණ ඖෂධ උයනක් ඇතුළුව ලංකාවට ආවේනික ශාක හා සත්ව විශේෂ රාශියක් දැක ගැනීමට හැකියාව තිබෙනවා.
වර්ෂ 2007 සිට පුජ්‍ය කුරුණෑගල සමිත හිමියන්ගේ අනුසාශකත්වයෙන් වැඩ කටයුතු සිදු කරන ලෙනගිරි ආරණය සේනාසනය තුල භික්ෂුන් වහන්සේලා 50 නමකට පමණ නේවාසිකව වැඩහිදීමේ පහසුකම් තිබෙන අතර, මේ වනවිට භික්ෂුන් වහන්සේලා 30 නමක් පමණ අරණ්‍ය තුල වැඩ හිදිනවා. තවද මෙම ආරණ්‍යට අනුබද්දව අම්බලන්ගොඩ නගරයේ ශ්‍රී අශෝකාරාම භික්ෂු පුහුණු මධ්‍යස්ථානයක් ද පිහිටා තිබෙනවා.
CONTACT
පුජ්‍ය කුරුණෑගල සමිත හිමි 071 8462944
ලෙනගිරි ආරණ්‍ය සේනාසනය
ලෙනගිරි මාවත,
ඉහල හෙවෙස්ස (පිටිගල හරහා)
සටහන : ලසිත් වීරකෝන්
3. රඹාවැව මහකන්ද ආරණ්‍ය සේනාසනය
4. රිටිගල ආඩියකන්ද ආරණ්‍ය සේනාසනය
4. පියසිරි යෝගාශ්‍රමය (ආරණ්‍ය සේනාසනය)
6. සීල සමාහිත ආරණ්‍ය සේනාසනය, බෙලිහුල්ඔය
ස්වාමීන් වහන්සේ නමකට පාරක් තනමින්
සීල සමාහිත යෝගාශ්‍රමය
සීලගම, බෙලිහුල්ඔය.
045 2280210
යාබද වන ඉඩම සේනාසනය සඳහා මිලදී ගැනීමේ කාර්යයට දායක වන්න කැමැති පින්වතුන්
0771737420 කෝලිත මහතා 0714994884 සේනානායක මහතා අමතන්න.
පරිත්‍යාග
W. V. W. සේනානායක
A/No. 109353453767 Sampath Bank Balangoda.
7. නිස්සරණ වන සෙනසුන - කුඩාගල්කඩවල තඹුත්ත
මෙම ආරණ්ය සේනාසනය කල්යාණි යොගාශ්‍රම සන්ස්ථාවට අනුබද්ධ යි. ඉතා දුෂ්කර පරිසරයක, සිරිසගබො රජු තම හිස දන් දුන් පුරාණ හත්තිකුච්චි පුදබිම අසන්යේ පිහිටා ඇත. මෙම ආරණ්ය සේනාසනය වැඩිදියුණු කිරීමට පින් කැමති සුපින්වත් සියළු දෙනාහට ආරාධනා කරමු.
ශ්‍රි කළ්‍යාණී යෝගාශ්‍රම සංස්ථානුබද්ධිත
සිරි මංගල යෝගාශ්‍රමය දනව්කන්ද
වීරාණගලකන්ද ආරණ්‍ය සේනාසනය
සුන්දර වන ලෑහෑබකින් සමන්විත ඉතාමත් නිස්කලන්ක පදියතලාව කීනාතමුල්ල ප්‍රදේශයේ පිහිටි වීරාණගලකන්ද ආරණ්‍ය සේනාසනයෙහි ධර්මයේ හෑසිරෙන ඉතාමත් වීර්‍ය වන්ත පින්වත් ස්වාමින් වහන්සේලාගේ පරිහරනය සදහා ත්‍රිපිටක පොත් වහන්සේලා සහ සදහම් පුස්තකයන්ගේ විශාල අඩුපාඩුවක් ඈතිබව අපට දෑනගන්නට ලෑබුනා.ඒ පිලිබද පසුගිය සතියේ පින්වත් පිරිස දෑනුවත් කිරීමෙන් පසු කලන මිතුරන් හා එක්වී පින්වත් ස්වාමින් වහන්සේලාට බොහෝ කාලයක් හිතසුව පිනිස පවතින විහාරස්තානයට පෑමිනෙන පින්වත් මිනිසුන්ටද පරිහරනය සදහා උපකාරවෙන අසිරිමත් ත්‍රිපිටක පොත් වහන්සේලා හා සදහම් පුස්තක ග්‍රන්ත විශාලප්‍රමනයක් ඉතාමත් ශ්‍රද්ධාවෙන් පූජා කරගෑනීමට හෑකිවුනා.මෙම අසිරිමත් ධර්ම දාන පින්කමෙන් ජනිත වූ සියලුම පුන්ය ධර්මයෝ මෙම ධර්ම දාන පින්කම සදහා ධර්ම පුස්තක ලබා ගෑනීම සදහා සම්බන්ධ වූ වචනයෙන් පවා උපකාරකල සියලුදෙනාටද පින්කෑමති සියල්ලන්ටද මෙම ධර්ම දාන පින්කම නිවන් අවබෝධය පිණිසම උපකාර වේවා, මෙම පින්වත් ස්වාමින් වහන්සේලාටද අප සියලුදෙනාටද ඒ අමා නිවන් සුව බොහෝදුර නොවේවා......තෙරුවන්සරණයි නමෝබුද්ධාය. සාදු සාදු සාදු......