තමන් සතු යම් ගුණයක්‌ සිහි කරන්නේ නම් වඤ්චක ධමර් වලට හසු නොවී සැබැවින්ම එම ගුණය තමන් සතුව පවතීදැයි සියදහස්‌ වර ආවර්ජනා කොට බලා ප්‍රත්‍යක්‍ෂ කරගත යුතුය. තමන් කොතරම් අවංක සිතින් සිහි කළත් එය සත්‍යයක්‌ නොවේ නම් එබඳු මායාකාරි සිතුවිලි වලට පැටලී සත්‍යක්‍රියාවක්‌ නොකළ හැක.

චිත්තාභ්‍යාස මධ්‍යස්ථානය

සතර සතිපට්ඨාන භාවනා චිත්තාභ්‍යාස පාඨමාලාව - 2013

කැලණිය චිත්තාභ්‍යාස සංවර්ධන හා පර්යේෂණ මධ්‍යස්ථාන පාලක සභාව මෙහෙයවීමෙන්, චිත්තාභ්‍යාස සංවර්ධන උපදේශක, උතුරාවල ධම්මරතන හිමියන්ගේ අනුශාසනා පරිදි, වයස් භේදයකින් තොරව, ගිහි/ පැවිදි, උපාසක උපාසිකා හා භාවනායෝගී සැමට නොමිලේ පැවැත්වෙන මෙම පාඨමාලාවට ඉල්ලුම් කළ හැකි ය.
2013 සෑම මසක ම පළමු සෙනසුරාදා පෙ.ව. 8.00 සිට 1.00 දක්වා කැලණිය චිත්තාභ්‍යාස මධ්‍යස්ථානය, සෑම මසක ම දෙවන සෙනසුරාදා පෙ.ව. 7.00 සිට 1.00 දක්වා කුරුණෑගල වැව රවුම ආරියරත්න මධ්‍යස්ථානය, දෙවන සෙනසුරාදා ප.ව. 2.00 සිට 5.00 දක්වා කුරුණෑගල පාදෙණිය රාජමහා විහාර මධ්‍යස්ථානය, සෑම පුර පොහෝ දිනකම පෙ.ව. 8.00 සිට 9.30 දක්වා කොළඹ තරුණ බෞද්ධ සංගමය ද, පෙ.ව. 10.00 සිට 11.30 දක්වා කැලණිය චිත්තාභ්‍යාස ආයතනය ද, මුල් කොට පැවැත්වේ.
මෙම පුහුණු පාඨමාලාව යටතේ සතර සතිපට්ඨාන භාවනා පුහුණුව හා චිත්තාභ්‍යාස ක්‍රම හා විධි නවීන තාක්‍ෂණ මෙවලම් උපයෝගී කොට සරලව, පියවරෙන් පියවරට, පැහැදිලිව ඉගැන්වේ. ප්‍රායෝගිකව පුහුණු කෙරේ. 

සහභාගිවීමට කැමති අය 
නම, ලිපිනය දුරකථන අංකය හා සහභාගි වන මධ්‍යස්ථානය ඇතුළත් ලිපියක් 
ලේකම්, චිත්තාභ්‍යාස ආයතනය, අංක – 738 /01, සුදර්ශන මාවත, කැලණිය’ 
යන ලිපිනයට එවන ලෙසත් 
මේ පිළිබඳ වැඩිමනත් විස්තර 
011 2905659 / 071 4485496 
යන දුරකථන මඟින් දැන ගැනීමට හැකිබවත් මධ්‍යස්ථානාධිපති උතුරාවල හිමියෝ පවසති.


free counters