තමන් සතු යම් ගුණයක්‌ සිහි කරන්නේ නම් වඤ්චක ධමර් වලට හසු නොවී සැබැවින්ම එම ගුණය තමන් සතුව පවතීදැයි සියදහස්‌ වර ආවර්ජනා කොට බලා ප්‍රත්‍යක්‍ෂ කරගත යුතුය. තමන් කොතරම් අවංක සිතින් සිහි කළත් එය සත්‍යයක්‌ නොවේ නම් එබඳු මායාකාරි සිතුවිලි වලට පැටලී සත්‍යක්‍රියාවක්‌ නොකළ හැක.



අහන්න මේ ඝොෂාව
බිඳෙන බිඳෙන රළක් පාසා සසරේ ඔබ හැලු කඳුළු...

Powered by දහම් විල





අතීතය සිදුවී අවසන්......  ඔබ ඒ අතීතයේ කළ කී දෑ නැවත නැවත මෙනෙහි කිරීම වර්තමානයත් අනාගතයත් යන දෙකම ඔබ ඔබටම අහිමි කරගැනීමකි. අනාගතය ගොඩනගන්නටනම් ඔබ දැන හෝ නොදැන අතීතයේ කළ වැරදි  අමතක කර අනාගතයට මුහුනදීමට සූදානම් විය යුතුය... සිදු වූ අනේකවිද වැරදි අකුසලයන් ද වරක් නැඟී බිඳී යන රළ සේ අනිත්‍ය බව මෙනෙහි කරන්න. නැවත ජීවිතයට අළුත් පිටුවක් පෙරලා එහි පෙර නොලියූ දැහැමි සිතුවිළි වලින් පුරවන්න උත්සාහ කරන්න.... බුදුසස්න වනාහි කල්ප කෝටි ගණනකිනුදු ලැබිය නොහෙන දුබල දෙයකි. පින්වත් ඔබ ඒ දුබල බුදුසස්න හා වටිනා මිනිසත් බව ලබා සිටින්නහු ය. බොහෝ මිල මුදල් සපයා ගෙන, දිවි විමන් බඳු ශෝභන මන්දිරයන් තනාගෙන, ඒවාට වී මියුරැ බොජුන් ආදියෙන් ඉන්ද්‍රියයන් පිනවීම උතුම් මිනිසත් බවින් ගන්නට ඇති ඵලය නො වේ. බුද්ධෝත්පාද කාලයේ දී ලබා තිබෙන මේ උතුම් මිනිසත් භවින් ගන්නට ඇති උසස් ඵලය නම්, හැකිතාක් දුර නිවන් මඟ ඉදිරියට ගමන් කිරීම ය. එබැවින් මහා කාරැණිකයන් වහන්සේ ගේ අනුශාසනයට ගරැ කරන සසර දුකින් මිදෙනු කැමති, බුදුසස්නෙන් හා මිනිසත් බවින් ගත හැකි උසස් ප්‍රයෝජනය ගනු කැමති, නුවණැත්තෝ තමන්ගේ සම්පූර්ණ ජීවිත කාලයෙන් එක් කොටසක දී වත් භාවනාවෙහි යෙදීම් වශයෙන් නිවන් මඟෙහි ඉදිරියට ගමන් කෙරෙත්වා !


ජයෝ මුනින්දස්ස සුබෝධි මූ‍ලේ 
අහෝසි මාරස්ස පරාජයෝ හි 
උග්ඝෝසයුං දේවගණා පසන්නා 
ඒතේන සච්චේන ජයස්සු මය්හං /// 

ජය වේවා! බුදු රජාණන් වහන්සේගේ 
සම්බෝධි මූලයේ දී මාරයාට පරාජය අත් විය. 
පැහැදුණු දේව සමූහයා සතුටින් ‍ඝෝෂා කළහ. 
මේ සත්‍ය බලයෙන් මට ජය වේවා!





Share this page


free counters