තමන් සතු යම් ගුණයක්‌ සිහි කරන්නේ නම් වඤ්චක ධමර් වලට හසු නොවී සැබැවින්ම එම ගුණය තමන් සතුව පවතීදැයි සියදහස්‌ වර ආවර්ජනා කොට බලා ප්‍රත්‍යක්‍ෂ කරගත යුතුය. තමන් කොතරම් අවංක සිතින් සිහි කළත් එය සත්‍යයක්‌ නොවේ නම් එබඳු මායාකාරි සිතුවිලි වලට පැටලී සත්‍යක්‍රියාවක්‌ නොකළ හැක.

නා උයන ආරණ්‍යය සේනාසනය


නා උයන ආරණ්‍යය සේනාසනය ශ්‍රී ලංකාවේ සුවිශේෂී තැනක්, බොහෝ ස්වාමින්වහන්සේලා නැවතී භාවනා කරන සේනාසනයක්. අතීපුජනීය නා උයනේ අරියධම්ම ස්වාමීන් වහන්සේත් වැඩ සිටියෙ එහෙනේ. ඉතින් මේ ස්ථානයට ගිහි අයටත් යන්න පුළුවන් සිල් සමාදන් වෙලා භාවනා කරන්න. වෙනම භාවනා වැඩසටහනක් නැහැ සේනාසනයේ තියන time table එකේ විදිහට කරන්නයි තියෙන්නෙ. කමටහන් දෙන්න ස්වාමීන් වහන්සේ හම්බෙලා කමටහන් අරන් භාවනා කරන්නයි තියෙන්නේ, යම් ප්‍රශ්නයක් ආවම නැවත ගිහින් කමටහන් ගැන සාකච්ඡා කරලා කමටහන් පිරිසිදු කරගන්න පුළුවන්,

දානේ ගන්න, වත කරන්න, බුදුන් වදින ඒවා තමා හැමදාම කරන්න ඕන, වැඩිම වෙලාව තියෙන්නේ භාවනාවට. බොහොම නිදහස් කවුරුත් හොයන්න නෑ භාවනා කරාද නැද්ද කියල තමන්ගේ අතේ තමයි තියෙන්නෙ උපරිම ප්‍රයෝජන ගන්න එක. භාවනා කරන්න ආස කෙනෙක්ට හරිම නිදහසේ ඒ වැඩේ කරගන්න පුලුවන් තනියම කමටහන් උපදෙස් අනුව. 
තමන්ට කැමති දවස් ගානකට කැමති දවසක ඉන්න පුළුවන් ගිහින්. එතනට ගිහින් register වෙලා phone purse ආදී බඩු බාරදීල කුටියට යන්න පුළුවන්. ඒ කුටියේ ගිහි අය කීප දෙනෙක්ම ඉන්නව. චෛත්‍යය ගාවට ගිහින් භාවනා කරන්න පුළුවන්. එතනට ස්වාමීන්වහන්සේලත් වැඩලා භාවනා කරන නිසා හරිම සතුටක් දැනනෙවා.
සේනාසනයට යද්දී සුදු සරම් 2යි, සුදු shirt 2යි, උතුරු සළුවක්, කුටියේ ඉන්නකොට අදින්න ඕන ඒවායි, තුවා, tourch එකයි, තේ එහෙම බොනවා නම් උනුවතුර බෝතලයක්, Alarm තියන්න ඔරලෝසුවක් වාගේ දේවල් තමා අරන් යන්න ඕන. 
වැඩි විස්තර මේ දුරකථන අංකයට කතා කරලා දැන ගන්න පුළුවන් 037 4947378
Email : nauyana@gmail.com
කාන්තාවන්ට ආරණ්‍යය ඇතුලත පහසුකන් නැති වුවත් ඔවුනට ඒ ලගම තියනවා ධම්මිකාරාමය ඒකේ කාන්තාවන්ට භාවනා කරන්න පුළුවන් 
වැඩි විස්තර නා උයන website එකෙන් ගන්න පුළුවන් 
මේ විස්තර ලබා දුන් මිතුරාට බොහෝ පින්
පණ්ඩුක බණ්ඩාර
Path to Nirvana





free counters