තමන් සතු යම් ගුණයක්‌ සිහි කරන්නේ නම් වඤ්චක ධමර් වලට හසු නොවී සැබැවින්ම එම ගුණය තමන් සතුව පවතීදැයි සියදහස්‌ වර ආවර්ජනා කොට බලා ප්‍රත්‍යක්‍ෂ කරගත යුතුය. තමන් කොතරම් අවංක සිතින් සිහි කළත් එය සත්‍යයක්‌ නොවේ නම් එබඳු මායාකාරි සිතුවිලි වලට පැටලී සත්‍යක්‍රියාවක්‌ නොකළ හැක.

වැලිමඩ බෝගහකුඹුර උඩුකිරින්ද විපස්සනා භාවනා මධ්‍යස්ථානය

බෝගහකුඹුර උඩුකිරින්ද විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ තලගල විමලධම්ම හිමියෝ. තලගල භාවනා මධ්‍යස්ථානයෙන් භාවනා ක‍්‍රම හැදෑරූ බෝගහකුඹුර එම්.එම්. මුතුබණ්ඩා උපාසක මහතා, 1984 දී සුළුවෙන් ආරම්භ කළ භාවනා මධ්‍යස්ථානය 1985.05.29 වනදා තලගල භාවනා මධ්‍යස්ථානයේ ශාඛාවක් බවට පත්වුණා. තලගල, වීදියගොඩ පේ‍්‍රමරතන හිමියන් විසින් මෙම භාවනා මධ්‍යස්ථානය අංගසම්පූර්ණ කිරීමට පටන් ගත්තා.අද තිබෙන මේ දියුණුවට බිබිලගමුවේ දායක දායිකාවන් පමණක් නොව මෙහි සේවය ලබා ගන්නා සතර දිසාවේ ජීවත් වන උපාසික උපාසිකාවන් දායකත්වය ලබා දුන්නා. උපාසික අසපු 15ක් හා උපාසක අසපු 10ක්ද මෙහි තිබෙනවා. 88-89 භීෂණය සම්බන්ධ නොමග ගිය තරුණ තරුණියන් 1800 ක්ද මෙහිදී පුනරුත්ථාපනය වුණා. විදේශ රටවල පිරිස්ද මෙහි පැමිණ භාවනාවේ නියැලෙමින් ඉගෙන ගන්නවා. බුරුමයේ (මියන්මාරයේ) ඇති ඉතාමත් ප‍්‍රචලිත තාවකාලික පැවිදිභාවය නූතන සමාජයට ඉතාමත් හොඳයි. ලංකාවේ බෞද්ධයන් එතරම්ම බණ දහමට යොමුවීම අඩුයි. ධර්ම දේශනා, පිරිත් පිංකම් කළත් ඒ අනුව හැඩ ගැසෙන්නේ නෑ. අද පවතින සමාජ ගිනි ගැනීම නිවාලීමට භාවනාව වැදගත්. ඒ නිසා ආගම් බේදය, නිකාය බේදය නැතුව  ඕනෑම අයකුට මෙහි පැමිණ සිත සන්සුන්කර ගත හැකියි.


ඩුබායි හි එකම පවුලේ සොහොයුරන් දෙදෙනා පස් වන වරටත් තාවකාලික පැවිදි බිමට



free counters