තමන් සතු යම් ගුණයක්‌ සිහි කරන්නේ නම් වඤ්චක ධමර් වලට හසු නොවී සැබැවින්ම එම ගුණය තමන් සතුව පවතීදැයි සියදහස්‌ වර ආවර්ජනා කොට බලා ප්‍රත්‍යක්‍ෂ කරගත යුතුය. තමන් කොතරම් අවංක සිතින් සිහි කළත් එය සත්‍යයක්‌ නොවේ නම් එබඳු මායාකාරි සිතුවිලි වලට පැටලී සත්‍යක්‍රියාවක්‌ නොකළ හැක.

හෙනන්නේගල ආරණ්‍ය සේනාසනය



බිම්තැන්නෙ සමෘද්ධිමත් සංකේතය බඳු මාදුරුඔය ජලාශයේ වෑ කණ්‌ඩිය පෙණෙනුයේ දකුණු පසිනි. වන පෙත සිසාරා අණසක පතුරන යෝධයන් මෙන් තුරු වියනට උස්‌ව නැගි ගල් කුලු පරිසරයට එක්‌ කළේ අමුතු අභිමානයකි. මුළු මාදුරු ඔය වන පෙතට සැඳෑ එළියේ සළු පිළි ලා ගනිමින් හිඳින විට විහඟ රෑන් සැඳෑ සාදයේ ගීයට කටහඬ සුසර කරති. එයින් සිත පුරවාන වන පෙත දෙපලු කරමින් මහ ඔය දෙසට වැටුණු ගුරු පාරේ මඳ දුරක්‌ ගොස්‌ එක්‌ සුවිශේෂී තැනක අපි නතරවීමු.

එය සීගිරි පව්වේ හැඩයට හුරු මහා ගල් කුලකි. දිගාමඩුලු මිටියාවතේ අතීත බොදු උරුමය සඟවාගත් ඒ ගල් කුල පාමුල ඇති නටබුන් වූ වෙහෙරක්‌ පිළිසකර කරන තරුණයෙක්‌ භාවනාවක්‌සේ සිය රාජකාරියේ නිරත වෙයි. ඉන් ඔබ්බෙහි වූ විනාශව ගිය කුටි සමූහයක ගඩොලු මේ බිමේ ඇති ඉපැරණි බව කියාපන අතරම කාලයක්‌ තිස්‌සේ විඳි හිරිහැර වල කතාන්තරයක්‌ කීමට වෙහෙසනු පෙනේ. ඒ කතාන්දරයේ තතු විත්ති සොයා පෙර කී තරුණයා ළඟට අපි හෙමින් සීරුවේ කිට්‌ටු වීමු. ඔහු පුරාවිද්‍යා නිලධාරියෙකි. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නියමයට අනුව ජයන්ත සමරසිංහ නම් වන ඔහු මිත්‍යා දෘෂ්ඨීsකයන් විනාශ කර දමා තිබූ ඒ වෙහෙර ප්‍රකෘති තත්ත්වයට ගැනීමට වෙහෙසෙයි.

ඉහත මා සටහන් කළේ අදින් මාසයකුත් දවස්‌ ගණනකට පෙර මාදුරුඔය හෙනන්නේගල ආරණ්‍ය සේනාසනයට මා ගිය විට දුටු දසුනකි. දැන් ඒ සියල්ල කණපිට පෙරළී තිබේ.

මට අපේ දිඹුලාගල වාර්තාකරු ප්‍රසන්න සිල්වාගෙන් හදිස්‌සියේම දුරකථන ඇමතුමක්‌ ලැබිණි.

හෙනන්නෙගල ආරණ්‍ය සේනාසනෙ තත්ත්වය දැන් වෙනස්‌. වනජීවීS එකේ අය පන්සල ළඟ බෝඩ් එකක්‌ ගහල අනවසරෙන් කිසිවෙකුත් ඇතුල් වෙන්න එපා අත්අඩංගුවට ගත්නව කියල. ඒ නිසා ගමේ මිනිස්‌සු කවුරුත් බෝඩ් ලෑල්ලෙන් එහාට යන්නෙ නෑ. දැන් හාමුදුරුවන්ට දානෙත් ප්‍රශ්නයක්‌ වෙලා.


මේ ක්‍රිස්‌තු පූර්ව දෙවන සහ පළවන සියවසේ පටන් උතුම් සුපේෂල ශික්‍ෂාකාමී භික්‌ෂූන්ගෙ පාද ස්‌පර්ශ ලද පුදබිමකට වී ඇති විපත්තියක තරමකි. හෙනන්නෙගල ආරණ්‍ය සේනාසනය වර්තමානයේ මෙවැනි අඩියකට වැටීමට හේතුවී ඇත්තේ සැබවින්ම වනජීවී නිලධාරීන් මාදුරුඔය උද්‍යානය තුළ මෙවැනි පුදබිමක්‌ පවත්වාගෙන යැමට දක්‌වන විරෝධයයි. ඔවුන්ගෙ තර්කයට අනුව මෙහි පුද බිමක්‌ තිබීම වනයේ වෙසෙන සතා සිව්පාවුන්ට හිරිහැරයකි. ආරණ්‍යගත ගෝනගල සුදර්ශීලංකාර හිමියෝ පිරිත් සඡ්ජායනා කිරීම වන සිවුපාවුන් බිය ගැන්වීමට හේතු වන්නකි.
ඇත්තෙන්ම මේ නම් පුදුම තර්කයකි. මාගේ දැනීමේ තරමට පිරිත් ස්‌වරයට බියෙන් පලා ගිය සත්වයෙක්‌ ගැන කිසිදාක අසා නැත. එහෙත් යක්‍ෂ, ප්‍රේත කුම්භාණ්‌ඩයන් වැනි අමනුෂ්‍යයෝ නම් පිරිත්වලට බියෙන් පැන යන්නට පුළුවනි. බරණැස මිගදායේදී බුදුරදුන් පළමු ධර්ම දේශනාව කරන විට පස්‌වග මහනුන් සහ දෙව් බඹුන් හැර ඒ සුමධුර ධර්ම දේශනාවට සවන් දුන්නේ සිව්පා සත්වයන් බව අමතක වන්නේ හෝ නොදන්නෙ මිත්‍යා දෘෂ්ඨිකයන් පමණකි.

එසේම, හෙනන්නෙගල පුරා විද්‍යා ස්‌ථානයේ නොවන්නෙ යෑයි කියන්නේ කුමන පදනමකින්දැයි නොදනිමි. හෙනන්නෙගල පුරාවිද්‍යා වටිනාකමක්‌ සහිත ස්‌ථානයක්‌ ලෙස සැලකිය හැකි ශේෂව ගිය සාධක අදටත් එහි නිරුපද්‍රිතව පවතී. ක්‍රිස්‌තු පූර්ව තුනත් පළවන සියවසක්‌ කාල පරාසය තුළ පූර්ව බ්‍රාහ්මි අක්‌ෂරයෙන් ලියන ලද ශිලා ලේඛනය එය තහවුරු කරන ප්‍රබලම සාක්‌ෂියයි. එහි සඳහන් අන්දමට ක්‍රිස්‌තු පූර්ව යුගයේ සිට භික්‌ෂූන්ගෙ අනුග්‍රහය ලැබූ ස්‌ථානයක්‌ ලෙස එම ස්‌ථානය පැවත තිබේ. ගල් පර්වතයේ දක්‌නට ලැබෙන කටාරම් මගින්ද පර්වත පාමුල තිබියදී සොයාගෙන ඇති කාල වර්ණ පාත්‍ර තැටි කොටස්‌ මගින්ද අනාදිමත් කාලයක සිට භික්‌ෂූන්ගෙ වාසභූමියක්‌ මෙන්ම ආගමික ස්‌ථානයක්‌ මෙහි වූ බව පැහැදිලිව පෙනේ. එහි බටහිර බෑවුමෙ ඇති මේ වනවිට විනාශව ගිය ගඩොලින් තැනූ කුටි මගින් අනුමාන කළ හැක්‌කේ ද භාවනායෝගීව විසූ භික්‌ෂූන් එහි විසූ බවකි. කුමන හෝ හේතුවක්‌ මත එම භික්‌ෂු වාසස්‌ථාන විනාශව ගියද පොළොන්නරු යුගය දක්‌වාම එය බෞද්ධයන්ගෙ පුදබිමක්‌ ලෙස වන්දනාමාන ලැබ ඇත. පොළොන්නරු යුගයට අයත් යෑයි සිතිය හැකි විශාල ගඩොලින් තැනූ බුබුලාකාර වෙහෙර ඒ බව සනාථ කරයි.

කෙසේ වෙතත් හෙනන්නෙගල භික්‌ෂූන්ගෙ වාසස්‌ථානයක්‌ බවට සැළකීමට ඇත්තේ එවැනි ඓතිහාසික තොරතුරුම පමණක්‌ නොවේ.

මෑත ඉතිහාසයේදී භික්‌ෂූන්ගෙ ආරණයයක්‌ ලෙස හෙනන්නෙගල තෝරාගැනීමට පුරෝගාමීව කටයුතු කර ඇත්තේ 1967 වසරේදී දිඹුලාගල විහාරයේ වැඩවාසය කළ නායක හාමුදුරුවොයි. ඉනික්‌බිතිව දැනට ඉතිරිව ඇති කුටියේ පදියතලාවේ සේලාලංකාර නම් භික්‌ෂුවක්‌ වැඩ වාසය කර තිබේ. එහෙත් 1986 වසරේදී ත්‍රස්‌තවාදීන්ගෙ අතින් ඝාතනය වූ බවට සැක කෙරෙන උන්වහන්සේගෙ සිරුර හමුවී ඇත්තේ ඊට ටික කලකට පසුවයි. මේ සිදුවීමෙන් පසු බොහෝ කළක්‌ යනතුරු ත්‍රස්‌තවාදීන්ගෙ මුරපොළක්‌ ලෙස පැවැති හෙනන්නෙගල ශිෂ්ඨ මිනිසුන්ගෙ ඇසුරෙන් තොර විණි. නමුත් ත්‍රස්‌තවාදී උවදුරු නිමාවීමෙන් පසු වර්තමාන දිඹුලාගල නායක ස්‌වාමීන්වහන්සෙගෙ අනුදැනුම මත ගෝනගල සුදර්ශීලංකාර හිමියෝ මෙහි වැඩමවා ඇත. පුරාවිද්‍යා වටිනාකමින් හෙබි ස්‌ථානයක්‌ ලෙස හෙනන්නෙගල මතු පරපුරට රැකදීමටත් භික්‌ෂු අරමක්‌ ලෙස එය සංවර්ධනය කිරීමටත් වර්තමානයේදී මැදිහත්ව ඇත්තේ එම හිමියෝයි.

එහෙත් අපමණ දුක්‌ පිරිපත විඳ නිස්‌සරණාධ්‍යාශයෙන් අතීත උරුමයක්‌ අනාගතයට රැකදීමට ක්‍රියා කළ උන්වහන්සේගෙ කැපවීම දැන් සුළගේ ගියාක්‌ බඳුය යෑයි සටහන් කරන්නේ කණගාටුවෙනි. නටඹුන්ව ගිය පොළොන්නරු යුගයේ ඉපැරණි වෙහෙර පිළිසකර කිරීම් කිසිවකුගේ හෝ බලපෑමකට නවතා දැමූ පුරාවිද්‍යා නිලධාරීන් දැන් හෙනන්නෙගලින් පිටව ගොස්‌ ඇත. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සවිකර තිබූ නාමපුවරුවක්‌ අද එහි දක්‌නට නැත. එහි වැඩවෙසෙන භික්‌ෂුවට දානෙ වේලක්‌ රැගෙන යැමට ගම්මුන්ට නිදහසක්‌ නැත. ඒ වනජීවී දෙපාර්තමේන්තුවේ අණසකට කීකරු විය යුතු නිසාය. කොටින්ම කියහොත් මේ සියලු දේ නිසා ගමත් භික්‌ෂුවත් අතර ඇති සබඳතාවය දුරස්‌ව ගොස්‌ ඇත. පැහැදිලිව කියන්නේ නම් ඒ හිමියෝ දැන් හුදකලා වී ඇත. හුදකලාවීම බණ භාවනා කරන භික්‌ෂුවකට අවැසි නිදහසක්‌ බව ඇතැමෙකුට තර්ක කළ හැකිය. එහෙත් මේ හුදකලා කිරීම කුමක්‌ සඳහාද?

තිස්‌ස ගුණතිලක


free counters