තමන් සතු යම් ගුණයක්‌ සිහි කරන්නේ නම් වඤ්චක ධමර් වලට හසු නොවී සැබැවින්ම එම ගුණය තමන් සතුව පවතීදැයි සියදහස්‌ වර ආවර්ජනා කොට බලා ප්‍රත්‍යක්‍ෂ කරගත යුතුය. තමන් කොතරම් අවංක සිතින් සිහි කළත් එය සත්‍යයක්‌ නොවේ නම් එබඳු මායාකාරි සිතුවිලි වලට පැටලී සත්‍යක්‍රියාවක්‌ නොකළ හැක.

වේරගල ආරණ්‍ය සේනාසනය


ලංකාවේ වැඩිම උෂ්ණත්වය ඇති උණුදිය උල්පත

වෙහෙරගල විහාරය.

වැඩිම
උණ්‌ණත්වයක්‌ ඇති ළිඳ
ශ්‍රී ලංකාව ආසියාකරයේ තිබෙන සුන්දර රටක්‌ බවට මුළු ලෝකයාම පිළිගන්නා දෙයකි. ඈත අතීතයේ සිටම ශ්‍රී ලංකාවේ දසත පුරා තිබෙන සුන්දර ස්‌ථාන මෙයට හේතුව වී තිබේ.

පැය කිහිපයකින් මුළු ලෝකයේම තිබෙන දේශගුණ සහිත ප්‍රදේශවලට යැමට හැකිවීම අප රටේ තිබෙන තවත් විශේෂ ලක්‍ෂණයකි. මධ්‍යම කඳුකරයට යන විට සීතල සුළං ඇඟ වට දැවටෙන අතර සීතල වතුර පානය කරන්නට ලැබේ.

කඳුකරයන් සීතල වතුර උල්පත් තිබෙනාකාරයෙන්ම රට වටේ උණු දිය උල්පත් පිහිටා තිබීම අප රට ලද තවත් දායාදයකි. වැඩිම උෂ්ණත්වයක්‌ තිබෙන උණු දිය උල්පත අම්පාර දිස්‌ත්‍රික්‌කයට අයත් මහ ඔය ප්‍රදේශයේද පිහිටා තිබේ.

මහා ඔය හැටනවය හන්දියේ පදිංචිව සිට දැනට නිට්‌ටඹුව රණවිරු ගම්මානයේ පදිංචිව සිටින රණවිරු කේ. බන්දුසේන මහතා සමග මටද මෙම උණු දිය උල්පත් දැක බලා ගැනීමේ අවස්‌ථාව උදාවිය.

රණවිරු බන්දුසේනට පාදයක්‌ අහිමි වුවත් ඔහුගේ කෘත්‍රිම පාදය නිසා ගමන්බිමන් වලට පහසුවක්‌ වී තිබිණි. යතුරු පැදිය වේගයෙන් පදවාගෙන යන විට ඔහු ආබාධිතයෙකු යෑයි කාටවත් කිව නොහැකිය.

මහාඔය මංසන්ධියේ සිට ගම ඇතුළට විහිදී තිබූ තාර පාර දිගේ මඳ දුරක්‌ ගිය විට දකුණු දෙසට විහිදුණු ගුරු පාර දිගේ යා යුතුව තිබිණි. මහාඔය මංසන්ධියේ සිට උණු වතුර ළිං තිබූ ප්‍රදේශයට මුළු දුර ප්‍රමාණය කිලෝ මීටර් දෙකකි.

සතියේ දිනයක සවස්‌ යාමයේ වූයෙන් අපි එහි යන විට එම ස්‌ථානය නැරඹීමට පැමිණ සිටියේ එක්‌ අයෙකු පමණි. මාදුරුඔය යුද හමුදා පුහුණු කඳවුරේ සේවය කරන ටී. එම්. රෝහණ ධර්මසිරි රණවිරුවා ඔහු විය.

අලංකාර ලෙස සකස්‌ කර ඇති මෙම ස්‌ථානයේ උණු වතුර ළිං හයක්‌ සහ ඇල්වතුර ළිඳක්‌ එකම තැන පිහිටා තිබීම විශේෂත්වයකි. උණු වතුර ළිං හයේම බුබුළු උඩ දමමින් වතුර පිටාර ගලා යන අතර ඇල්වතුර ළිඳේ පමණක්‌ වතුර පහළින් තිබේ.

වේරගල ආරණ්‍ය සේනාසනය පිහිටා තිබෙන්නේ මෙම උණු වතුර ළිං ආසන්නයේමය. හැත්තෑව දශකයේදී ගංගොඩවිල සෝම හිමියන් භාවනා කළ මධ්‍යස්‌ථානයද මෙය වේ.

වොහාරිකතිස්‌ස මහරහතන් වහන්සේට මහනාග රජු විසින් අවට සියලු විහාර ඒකාබද්ධ කර පූජා කරන ලද බව ඉතිහාසයේ සඳහන්a වේ.

සියඹලාපිටිය, වේරගල, මහාඔය ආදී ප්‍රදේශවල එදා ජීවත්වූ ගොවීන් මෙම උණු වතුර ළිං වලින් දිය නාගෙන ගිය බව තවමත් ජන ව්‍යවහාරයේ පවතින බව මෙම ස්‌ථානයේ සිටින ආර්. ඩී. ගුණරත්න මහතා පවසයි.

එදා කැලෑවේ දඩයමේ ගිය වැද්දන් තම දඩයම් කරගත් මස්‌ සෝදා ගැනීමටත් තලගොයි බිත්තර තම්බාගෙන කෑමට මෙම උණු වතුර ළිං ප්‍රයෝජනයට ගත් බවට තොරතුරු හෙළිවී තිබෙන බව එම ප්‍රදේශයේ ජීවත්වන ප්‍රකට ලේඛකයෙකු වන සඳරුවන් ලොකුහේවා මහතා කියයි.

මෙම උණු වතුර ළිංවල උෂ්ණත්වය පැරන්හයිට්‌ අංශක පනස්‌ පහක්‌ පමණ වේ. පියවි ඇසට නෙපෙනෙන උණු වතුර බුබුළු උඩට ඇවිත් පිටාර ගලායන අයුරු දැකගත හැකිය.

මෙම උණු වතුර වල පී.එච්, අගය 7.6 කි. ක්‌ලෝරයිඩ් සියයට 75.9 කි. සල්පේට්‌ 2.10 ක්‌ වන අතර කැල්සියම් සෝඩියම් සාමාන්‍ය ප්‍රමාණයකින් යුක්‌ත වේ.

චර්ම රෝග, වාත රෝග, හිරිවැටීම, හන්දි ඉදිමීම වැනි රෝගවලට මෙම උණු වතුර ඖෂධයක්‌ බවද කියති. රූපලාවන්‍ය වැඩි කිරීමට මෙම උණු වතුර යෝග්‍ය බවද හඳුනාගෙන තිබේ.

හිටපු පුරාවිද්‍යාඥයකු වන එච්. පාකර් මහතාද මෙහි පැමිණ පරීක්‍ෂා කර බලා ගිය බවද සඳහන් වේ.

මුහුදු මට්‌ටමේ සිට අඩි සීයක පමණ උසින් පිහිටා තිබෙන මෙම උණු දිය උල්පත් ලංකාවේ වැඩිම උෂ්ණත්වයක්‌ තිබෙන උල්පත් බවද හඳුනාගෙන තිබේ. උෂ්ණත්වය අංශක එකසිය හැට පහත් තුන්සීයත් අතර ප්‍රමාණයක්‌ බවද දැනටමත් සොයාගෙන ඇත.

ටර්බයින් ක්‍රියාත්මක කොට වාෂ්ප බලය ගතහොත් විදුලි බලය නිපදවන්න පුළුවන් බවද මෙය පරීක්‍ෂාකර බැලූ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භූ විද්‍යා අංශයේ මහාචාර්ය සී. බී. දිසානායක පවසා තිබේ.

1959 දී පමණ මෙම උණු දිය උල්පත් සංවර්ධනය කිරීමට මූලික පියවර ගෙන ඇත. ඒ අනුව එදා කොන්ක්‍රීට්‌ ටැංකි යොදා ළිඳක්‌ බවට සකස්‌ කර ඇත. 1969 දී පොළොවට කොන්ක්‍රීට්‌ යොදා සිමෙන්ති බැමි යොදා යම් ප්‍රමාණයක සංවර්ධනයක්‌ කිරීමට පියවර ගත් බවද දැන ගන්නට ඇත.

අම්පාර හිටපු මන්ත්‍රී සෙනරත් සෝමරත්න මහතා විසින් 1974 දී පමණ මෙම උණු දිය උල්පත් තිබෙන ප්‍රදේශය සංවර්ධනය කිරීමට පියවර ගත් බවද ප්‍රදේශවාසීහූ කියති. මහඔය ප්‍රාදේශීය සභාව මගින් 2007 වසරේදී මෙහි අලංකාර ලෙස තාප්ප සකස්‌ කර සංචාරකයන්ට නැරඹිය හැකි ස්‌ථානයක්‌ බවට පත්කරලීමට උත්සාහ දරා තිබෙන බවද පෙනේ. ඉදිරියේදී මීට වඩා යම් ප්‍රමාණයක සංවර්ධනයක්‌ කරන බව මහාඔය ප්‍රාදේශීය සභාවේ උප සභාපති උදේනි චින්තක මහතා අප සමග පැවසීය.

කාලයක්‌ ත්‍රස්‌තවාදී බිය නිසා මෙම ප්‍රදේශයේ සංචාරය කිරීමට බොහෝ දේශීය සංචාරකයන් බියක්‌ දැක්‌වූහ. එහෙත් දැන් එවැනි බියක්‌ නැති නිසා සංචාරකයන්ට නැරඹීමට පැමිණිය හැකිය. නමුත් ඒ වෙනුවෙන් යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට ගත් පියවරක්‌ නම් නොමැත.

උණු දිය උල්පත්වලට යන පාර මීට වඩා සකස්‌ කළ යුතුව ඇත. මෙම උණු දිය උල්පත් හරි හැටි දේශීය සංචාරකයන්ගේ නෙත ගැටෙන ආකාරයෙන් සකස්‌ කළොත් එය මහාඔය ප්‍රාදේශීය සභාවට ධන උල්පතක්‌ නොවන්නටද බැරි නැත.

විදුලි බලය පවා නිපදවිය හැකි මෙම අගනා සම්පත් බින්තැන්න පත්තුවට පමණක්‌ සීමා නොකරන ලෙසද ඉල්ලා සිටිති.

බළපිටිය - අනුර යසමිත්



free counters