තමන් සතු යම් ගුණයක්‌ සිහි කරන්නේ නම් වඤ්චක ධමර් වලට හසු නොවී සැබැවින්ම එම ගුණය තමන් සතුව පවතීදැයි සියදහස්‌ වර ආවර්ජනා කොට බලා ප්‍රත්‍යක්‍ෂ කරගත යුතුය. තමන් කොතරම් අවංක සිතින් සිහි කළත් එය සත්‍යයක්‌ නොවේ නම් එබඳු මායාකාරි සිතුවිලි වලට පැටලී සත්‍යක්‍රියාවක්‌ නොකළ හැක.

බුද්ධංගල ආරණ්ය සේනාසනය

අම්පාර දිස්ත්‍රික්කයේ ඓතිහාසික ශ්‍රී විභූතිය අවබෝධ කරගැනීමට යම් අයෙක් බලාපොරොත්තු වන්නේ නම් ඔහු, අම්පාර දිසාවට අයත් වනගත පෙදෙස්වල සැරිසැරිය යුතුය. ඉතිහාසය, පුරාවිද්‍යාව, බෞද්ධ වටිනාකම්, පිළි බඳව වැදගත් තොරතුරු රැසක් එහි තිබෙන බව පෙනී යන්නේ එවිටය. මේ එබඳු සංචාරයකින් පසුව බුද්ධංගල නම් ආරණ්‍ය සේනාසනය පිළිබඳව තැබූ සටහනකි.
බුද්ධංගල පිහිටා ඇත්තේ අම්පාර දිසාවේ මල්වත්ත කොටසට ආසන්නවන්නට ය. අම්පාර නගරය මැදින් ඇති මගකින් සැතපුම් හතරක් උතුරට ගිය පසු මෙම ස්ථානයට පැමිණිය හැකිවේ. අක්කර දොළොස් දහසක් පමණ ඇති ඝන වනය තුළ, අක්කර දෙසීයක පමණ කොටසේ මෙම ස්ථානයට අයත් නටබුන් පිහිටා තිබේ.
ඈත අතීතයේ සිටම මෙම ස්ථානය වනයට බිලිවූ භාවනායෝගීව භික්‍ෂුන් වැඩසිටි ස්ථානයකි. කෙසේ වෙතත් වනසිරිය පුබුදමින් තිබූ අලංකාර වන අරණක් 1964 ආරණ්‍යය සේනාසනයක් බවට පත් විය. මෙම ආරණ්‍යයේ ආරම්භක කර්තෘ වන්නේ කළුතර ධම්මානන්ද හිමියන්ය.

වනසතුන් ගැවසෙන, ගල්කෙම් සහිත සුවිසල් ගල්තලා පහක් මෙහි පිහිටා ඇත. මෙම පර්වතයේ අඩි 500 ක් පමණ මුදුනට නැගුණ කල්හි මුළු ගල්ඔය පරිසරයම එකට කැටිවී දර්ශනීයව දිස්වේ. දකුණින් ඉඟිණියාගල, වඩිනාගල හා බුවනෙකබා ඈපා රජතුමාගේ රාජධානිය වූ ගෝවින්ද පබ්බතය ද, උතුරින් හා බටහිරෙන් ගල්ඔය මිටියාවත් ජනපදයද පෙනෙනු ඇත.
මෙහි ඇති ගල් තලා පහේම නටඹුන් පිහිටා ඇති අතර, මින් ප්‍රධාන වන්නේ දැනට ස්තූපය හා බුදු මැදුර පිහිටා ඇති සුවිසල් ගල් තලාවයි. බුදු මැදුරට නැගෙනහිරෙන් එම පර්වතයේ උසම තැන ස්තූපය පිහිටියේ ය. මෙය ප්‍රතිසංස්කරණය කර තිබෙන අතර පැරණි නටබුන් ඇති ගොඩනැගිල්ල පිහිටා තිබිණැයි සැලකෙන ආකාරය අනුව එහි වටදාගෙයක් තිබූ බව පෙනී යයි. මෙහි ඇති ස්තූපය ප්‍රතිසංස්කරණයට කටයුතු කරද්දී එහි යටවී තිබූ දඹරන් කරඬුවක් ද තවත් නිධන් වස්තු රැසක් ද සිව්වරන් දේව රූපයක් ද හමුවී ඇත.

එමෙන් කරඬුව තුළ සුර දෙකක් හා ඒ දෙක මැද නෙළුම් මලක් ද රනින්ම නිමවා තිබුණි. නෙළුම් මලේ සර්වඥ ධාතූන් වහන්සේ සහ දෙපස සුර දෙකේ සැරියුත් මුගලන් රහතන් වහන්සේගේ ධාතුන් ද තැන්පත් කර තිබිණි. මෙවන් ධාතු නිධානයක් මේ තාක් ලංකාවේ හමුවී නොමැති බව කියැවේ. මේ අනුව පෙනී යන්නේ ලංකාවේ මතුව තිබෙන ඓතිහාසික උරුමයන්ට වඩා වැසී ගිය ඓශ්චර්යයක් මෙම වනපෙත තුළින් අපට හමුවන බවයි.
පර්වතයෙන් පර්වතයට ගමන් කිරීම සඳහා බෑවුම් සහිත තැන්වල දී ගල් පාලම් දමා තිබේ. පර්වතවල තැනින් තැන සුවිසල් දිය කෙම් ජල සම්පත රැක දෙයි. සියලු නටබුන් සමස්තයක් ලෙස ගත් කළ ඓතිහාසික අතීතයකට උරුමකම් කියන බව තහවුරු වෙයි.

විශේෂයෙන් ප්‍රතිසංස්කෘත චෛත්‍යය හා බුදු මැදුර පිහිටි පර්වතය ඇසුරු කරගෙන ප්‍රධාන නටබුන් පිහිටා ඇත. පැරණි ස්තූපයේ ඡත්‍ර ගල නටබුන් ගොඩට එක්කර තිබේ. මෙම ස්ථානයේ නැගෙනහිර කොටස බෑවුම් සහිතය. මේ කෙළවරෙහි ගලේම කපන ලද අලංකාර පියගැට පෙළකි. එය පොකුණට බැසීමට කරවන ලද්දක් විය යුතුය.
මෙයට උතුරින් පිහිටි පර්වතයේ අඩි 10ය15 ආයත චතුරස්‍ර කොටසක් මට්ටම් කර මැද වළක් සාදා පසෙකින් කවුඩු බලු රූප කොටා තිබේ. මෙම නටබුන් අතර ඉතා වැදගත් සිරිපතුල් ගලක් තිබෙන අතර නටබුන් ස්ථානවල බෙහෙවින් හමුවන සිව්රැස් සිරිපතුල් ගලකට අමතරව ඇති පෑලස්ගල වටකුරුය. මනා ලක්‍ෂණවලින් යුත් සිරිපතුල් සලකුණ කොටා තිබේ. මෙය ඉතා දුර්ලභ පුරාවස්තුවෙකි. මෙහි ධාතු නිදන් කර තිබූ සිදුරක් ද තිබේ.
පැරණි සම්ප්‍රදායන් පරදවා ආරණ්‍යය සේනාසනයක් සේද ආධ්‍යාත්මික ගුණය පතන්නවුන්ගේ සිත් සතන් සනස වන අයුරින් ද සකස් වූ බුද්ධංගල ආරණ්‍යය සේනාසනය වනයට මුවදොර විවරව දිස්වෙන මනරම් ඓතිහාසික වස්තුවකි.
විශේෂයෙන්ම, බුද්ධංගල ඉතිහාසය විමසීමට අදාළ කරගත හැකි සාධක දළ වශයෙන් මෙසේ වර්ග කළ හැකිය.
01. කටාරම් සහිත ලෙන්

02. ශිලා කර්මාන්ත
03. අක්‍ෂර රහිත හා සහිත ගඩොළු
04. මැටි භාණ්ඩ
05. කාසි හා නිදන් වස්තු
06. ශිලා ලිපි
මේ අනුව බුද්ධංගල වන අරණ පුරා වටිනා ඓතිහාසික උරුමය අසිරිමත් තෝතැන්නක් බදුය.
වර්තමානය වනවිට මෙම ආරණ්‍යය සේනාසනය ප්‍රතිසංස්කරණය වී සංවර්ධනය වී ඇත. මේ ලෙන් කුටි සංවර්ධනය පොකුණු සකස් කිරීම, පිවිසුම් තොරණක් ඉදිවීම, විශ්‍රාම ශාලා, දිය පොකුණු ඉදිවීමත් සිදු කර තිබේ. එමෙන්ම මෙම පූජා භූමියට රජය විසින් අනුමැතිය ලබා දී තිබීම සුවිශේෂි කරුණකි. මෙකී යුග මෙහෙවරේ දායකත්වය දරමින් බුද්ධංගල සුරැකීමේ කර්තව්‍යයේ දී කළුතර ධම්මානන්ද, බටයායේ අරියවංශ යන හිමිවරුන් සහ දීඝවාපියේ සුසිම හිමියන්ට ගෞරවය හිමි විය යුතුය.
වසර ගණනාවක් ත්‍රස්තවාදී ග්‍රහණයට හසුව තිබූ බුද්ධංගල මේ වනවිට නව පිබිදීමක් තුළ ගොඩනැගී තිබේ. වන පෙතක අසිරිය තුළ විහිදී ගිය බුද්ධංගල ආරණ්‍යය සේනාසනයට පිවිසීමේ මුවදොර විවර වන පෙදෙසේ සිට මෙම පර්වතය දෙස බැලූ බැල්මට පෙනෙන්නේ සැතපෙන සුවිසල් බුද්්ධ රූපයක් නෙළා තිබෙනු මෙනි. මෙකී උරුමයේ අරුමය “සොබා දහමේ අපූර්ව තෝතැන්නක් බවට පත් ව ඇත්තේ බුදු දහමේ අනුහසිනි.

“බොදු පුද බිම් බොදු පුරාවස්තු රට පුරා විසිර ඇත. සිංහල බෞද්ධ සංස්කෘතියේ ප්‍රෞඩ අතීතය කියාපානා සජීවී උදාහරණ වන්නේ මේ පුදබිම්ය. දහස් ගණනක් පුදබිම් වර්තමානයේද කැලයෙන් වැසී ගොස් ඇත. ඒවා එළිපෙහෙලි කර අනාගත පරපුරට සුරක්ෂිත කර දිය යුත්තේ අපේ උරුමය කිසිවිටෙක සඟවාලිය නොහැකි බැවිනි. අදීන සංස්කෘතියකට හිමිකම් කියන අපි මේ අතීත උරුමය දිවි දෙවැනි කොට ආරක්ෂා කර ගත යුතුය.”

වසර දෙදහසකට ‍වඩා පැරණි ඉතිහාසයකට උරැමකම් කියන බුද්ධංගල ආරණ්‍ය සේනාසනය නැගෙනහිර පළාතේ පිහිටි පුද බිමකි. බුදුරජුන් ප්‍රමුඛ අග්‍ර ශ්‍රාවක ධාතුන් වහන්සේලා නිදන් කර ඇතැයි සැළකෙන බුද්ධංගල සේනාසනය දිගාමඩුළු ඉතිහාසයේ ස්වර්ණමය සිහිවටනයකි.ආරණ්‍ය සේනාසනයේ එකල වැඩ විසු රහතන් වහන්සේලා තමන්ලග් ජළ පහසුව සලසා ගත් පොකුනු දිය නොසිදි අදද විරාජමානව පවති. තවද සද්දා තිස්ස රජතුමා බුද්ධංගල වෙහෙර විහාර නැංවීමට ක්‍රියාකර ඇත. 1964මෙහි වැඩම කල කළුතර ධම්මානන්ද හිමියන් වල් බිහිවි තිබු මෙම ස්ථානය එළිපෙහෙලි කර වාසයට සුදුසු පරිදි සකසා ගන්නා ලදි.
 ජේ.චමරි මහේෂිකා හ/මීගහජදුර මහා ව්දුහලසූරියවැව

බුද්ධංගල ආරණ්‍ය සේනාසනය.   බුද්ධංගල, අම්පාර,     දුරකථන -063-2632330

වීඩියෝ දසුන්


free counters