තමන් සතු යම් ගුණයක්‌ සිහි කරන්නේ නම් වඤ්චක ධමර් වලට හසු නොවී සැබැවින්ම එම ගුණය තමන් සතුව පවතීදැයි සියදහස්‌ වර ආවර්ජනා කොට බලා ප්‍රත්‍යක්‍ෂ කරගත යුතුය. තමන් කොතරම් අවංක සිතින් සිහි කළත් එය සත්‍යයක්‌ නොවේ නම් එබඳු මායාකාරි සිතුවිලි වලට පැටලී සත්‍යක්‍රියාවක්‌ නොකළ හැක.

එඬේරගල වන සෙනසුන

නිවන සොයා යන උතුමන්ගේ පින්බිම

එඬේරගල වන සෙනසුන නිවන අරමුණු කරගත් අයකුට නිවී-සැනසිල්ලේ භාවනාවේ යෙදිය හැකි, දඹුලු ප්‍රදේශයේ පිහිටි ආරණ්‍ය සේනාසනයක තොරතුරු මේ ලිපියෙන් කියැවේ.
එඬේරගල වන සෙනසුනට ඇතුළු වනවාත් සමග මසිතට නැඟුණේ ඉමහත් ප්‍රභාස්වර ස්වභාවයකි. වලාකුළු අතේ ගෑවෙන්නාක් සේ පුදුම සිසිලසක් දැනිණ. තුරුලතා නෙත ගැටෙන විට හදවත සුන්දරත්වයෙන් පිරිණ. සන්ධ්‍යා කාලයේ සූර්යයා, රත් පැහැයෙන් යුක්ත ව කඳු මුදුනින් පැන-යන්නා සේ පෙනිණ. මෙසෙයින් එඬේරගල පින්බිමෙහි ගත කළ ඒ දිනය මා දිවියේ චමත්කාර දවසක් විය.
මෙය තම සොඳුරු නවාතැන්පළ කරගත් බුද්ධ පුත්‍රයකු වන මැදින් වැඩම කරනු දුටු මම උන් වහන්සේ සමඟ මොහොතක් කථා කරන රිසි පළ කළෙමි.
උන් වහන්සේ මට ඒ පින්බිම පිළිබඳ ව හෙළි කළ තොරතුරු සුඟක් මෙබඳු ය:
අක්කර 48ක් පුරා විහිදී-ගිය රක්ෂිතයෙහි පිහිටි මේ සෙනසුන ඇරැඹුණු සමයේ එනම් වර්ෂ 1963දී මෙහි වැඩ සිට ඇත්තේ අතිපූජ්‍ය වතුරුවිල ශ්‍රී ඤාණානන්ද මහ නා හිමි පාණන් වහන්සේ ය. ඉන් පසු තවත් නා හිමියන් වහන්සේ දෙනමක් මෙහි වැඩ සිට ඇති අතර, වර්තමානයේ විනය කීර්ති ශ්‍රී ඤාණානන්ද අතිපූජ්‍ය පස්ගොඩ ශ්‍රී ජිනවංස (සිව් වැනි) මහ නා හිමි පාණන් වහන්සේ සේනාසනාධිපති ධුරය හොබවමින් වැඩ වෙසෙති. යෝගාවචර ව වැඩ වසනා තවත් භික්ෂූන් වහන්සේ ද කිහිප නමකි.

වනයට ඔබ්බෙන් වැටුණු පුංචි අඩි පාරෙන් ගල්තලාව දෙසට නැග යන විට ඉපැරැණි බෝධි වෘක්ෂයක් නෙත ගැටේ. ඒ සමීපයේ ම ක්‍රිපූ දෙ වන සියවසට අයත් සේ සැලකෙන ගොඩනැගිල්ලක නටබුන් ය. ගල්තලාවේ ඉහළට ම නැඟ- ගිය විට බුබ්බුලාකාර චෛත්‍යරාජයාණන් වහන්සේ සැදැහැවතුන්ගේ බුද්ධාලම්බන ප්‍රීතිය වඩවමින් දර්ශනය වෙයි. බුදු කුටිය ද දර්ශනීය ය.
ගල්තලාවේ සිට බලන කල හාත් පස සිසාරා විහිදි කෙත්වතු යාය ය. දඹුලුගල, දහයියාගල, කිතුල්හිටියාව බඳු ගල්තලා ගිරි ශිඛර අපූරු සොබා සිරියක් මවා-පායි.
දහමෙන් මෙළෙක් වූ හදවත් විඳින, නිසංසල මිරියාවෙහි සොඳුරු අපූර්වත්වය තුරු කඳන්හි රඳවා ඇති කුඩා පුවරු මත මෙලෙසින් සටහන් ව ඇත:
“එළඹ සිටි සිහිය සුමඟ දක්වයි”
“නිතර සිහියෙන් සිත රැකගනිමු”
“සදහම් නොදත් මෝඩයාට සසර ගමන දිගය”

එෙ¼ඩ්රගල වන සෙනසුනෙහි ප්‍රතිපත්ති පූරණය කරන සංඝ පිතෲන් වහන්සේ සිය සොඳුරු තාරුණ්‍යය සසුනට පිදුවෝ වෙති.
දෙමාපිය සෙවණින්, නෑ හිතමිතුරු ඇසුරින් මිදී උන් වහන්සේ කළා වූ මේ උතුම් පරිත්‍යාගය දහම්කාමීනට මහරු ආදර්ශයකි.
රාග, ද්වේෂ, මෝහ, සන්තාප, ජරා, මරණාදි එකොළොස් ගින්නකින් සසර දැවෙමින් සිටියදී දුකෙන් මිදීමට ප්‍රඥාලෝකයක් නොසොයා කාම සම්පත් විඳිමින් සිනා සෙමින් තුටු වෙමින් සිටිනුයේ කුමට ද? මේ උතුමන් ගත් මග පැවිදි උතුමනට පමණක් නො වේ, ගිහි පින්වතුනට ද විවෘත ය. ශික්ෂාකාමී, ගුණදහම් පුරන ගිහියනට ද භාවනා කිරීමට මේ පින්බිමේ හැකියාව තිබේ.
තරමක් අබලන් ව ජරාවාස ව පවත්නා කුටි කිහිපයකි. ඒවා පිළිසකර කරගැනීමට හවුල් වන්නට ඔබට ද ඉදිරිපත් විය හැකි නම් එය මහඟු පුණ්‍යකර්මයක් සේ හැඟේ.
අතිපූජ්‍ය ජිනවංශ මහ නා හිමි පාණන් ප්‍රධාන වනවාසී ස්වාමීන් වහන්සේ සැනසුම සොයන නිවනට මග හසර දක්වන මේ පුණ්‍ය භූමියෙහි ගත කළ ඒ පෑ කිහිපය මසිතට ඉමහත් ශාන්ත සුවයක් ම ළං කළ බැව් යළිදු කියමි. කලබලකාරී බවින් මිදී නිසසල වූ එඬේරගල වන සෙනසුනින් මා සමුගත්තේ “ඒ පරමාර්ථ ධර්මයට ජීවිතය කැප කරමී” යන තිර අදිටනින් යුතු ව ය.
දඹුලු - තිරිකුණාමල ප්‍රධාන මාර්ගයේ පැල්වෙහෙර සීඅයිසී ගොවිපළ පසු කර කිලෝමීටර කිහිපයක් ඉදිරියට ගිය තැන ඔබට ද මේ සිත් සනහන සොඳුරු කෙම්බිමට පිවිසිය හැකි ය.
චවින්ද්‍රා වෛද්‍යරත්න


free counters