තමන් සතු යම් ගුණයක්‌ සිහි කරන්නේ නම් වඤ්චක ධමර් වලට හසු නොවී සැබැවින්ම එම ගුණය තමන් සතුව පවතීදැයි සියදහස්‌ වර ආවර්ජනා කොට බලා ප්‍රත්‍යක්‍ෂ කරගත යුතුය. තමන් කොතරම් අවංක සිතින් සිහි කළත් එය සත්‍යයක්‌ නොවේ නම් එබඳු මායාකාරි සිතුවිලි වලට පැටලී සත්‍යක්‍රියාවක්‌ නොකළ හැක.

කොළන්කන්ද ගල්ලෙන් ආරණ්‍ය සේනාසනය


කොළඹ දිස්‌ත්‍රික්‌කයේ හංවැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයේ දිද්දෙණි උතුර ග්‍රාම නිලධාරි වසමට අයත් කොළන්කන්ද ගල්ලෙන් ආරණ්‍ය සේනාසනය ඓතිහාසික මෙන්ම පාරිසරික වටිනා කමකින් යුත් පුණ්‍ය භූමියකි. කොළඹ අවිස්‌සාවේල්ල මාර්ගයේ කළුඅග්ගල මංසන්ධියෙන් ලබුගම පාරට හැරී සැතපුම් එකහමාරක්‌ ගියවිට නෙළුවත්තුඩුව ග්‍රාමය හමුවෙයි. එතැනින් වක්‌ ඔයෙන් එගොඩ වී සැතපුමක්‌ පමණ ගිය තැන දර්ශනීය වූ කඳු ගැටයක පිහිටා ඇති මෙම සෙනසුනට පැමිණිය හැක.
මෙම කොළන්කන්ද ගල්ලෙන් ආරණ්‍ය සේනාසනය වර්ෂ 1963 දී මහාවිහාර වංශික ශ්‍යාමෝපාලි වනවාස නිකායේ ප්‍රධාන අනුශාසක මහෝපාධ්‍ය කර්මස්‌ථානාචාර්ය පූජ්‍ය වග විමල නා හිමියන් විසින් ආරම්භ කර ඇත. මෙහි ක්‍රි. පූ. 01 වන සියවසට පමණ පැරැණි කටාරම් කොටන ගල්ලෙන් 05 ක්‌ පමණ දැක ගත හැකි අතර එයින් 02 ක්‌ පමණක්‌ සේනාසනයට අයත්ව ඇත. අතීතයේ මහ රහතන් වහන්සේලා වැඩසිටින්නට ඇති බව පුරාවිද්‍යාඥයන් ගේ මතය වී ඇත. සේනාසනාධිපති පූජ්‍ය වග විමල නා හිමියන් මෙම ස්‌ථානයට පළමුව පැමිණෙන විට ඝන වනාන්තරයකින් යුක්‌ත බව සඳහන් වෙයි. පසුව උන්වහන්සේගේ අප්‍රතිහත ධෛර්යයෙන් හා කැපවීමෙන් ද අවට දිද්දෙණිය, පින්නවල, වග, නෙළුවන්තුඩුව කහහේන යන ගම්වාසීන්ගේ උදව් උපකාර මත සිත් සනසන තපෝ භූමියක්‌ බවට පත්කරගෙන ඇත.
අතීතයේ මෙම ස්‌ථානයේ කොළන්ගස්‌ බහුලව පැවැති හෙයින් කොළන්කන්ද යන නම ව්‍යවහාර කරන්නට ඇතැයි සැලකේ. ස්‌වභාව සෞන්දර්ය අතින් මනස්‌කාන්ත භූමි භාගයක්‌ වන මෙහි දේශීය ෙඖෂධ පැළෑටි දුර්ලභ ශාක හා දුර්ලභ සත්ත්ව විශේෂද දැකගත හැකිය.
වතුරාවිල වනවාස සංඝ මූලස්‌ථානයට අයත් අරණ්‍ය සේනාසනයක්‌ වන මෙයින් අවට ප්‍රදේශයේ පිංවතුන්ට විශාල සේවාවක්‌ සිදුවෙයි. විශේෂයෙන් තමන්ගේ ආධ්‍යාත්මික දියුණුව වර්ධනය කරගැනීමට කදිම තෝතැන්නක්‌ වීමයි. භාවනාව ප්‍රගුණ කිරීමට කමටහන් ගැනීමට ගිහි පැවිදි විශාල පිරිසක්‌ මෙම ස්‌ථානයට පැමිණෙන අතර අතිපූජ්‍ය නා හිමියන් විසින් ඉතා කාරුණික දායකයන් වෙත කමටහන් ලබාදීම සිදුකරයි. මෙහි සඳහන් කළයුතු විශේෂ කරුණ වන්නේ අතිපූජ්‍ය වග විමල නාහිමියන් මේ වන විට අසූ තුන්වන වියේ පසුවන අතර උන්වහන්සේගේ එකම බලාපොරොත්තුව සේනාසනයට විශාල අඩුපාඩුවක්‌ව පැවැති චෛත්‍යරාජයාණන් වහන්සේ නමක්‌ ඉදිකර ගැනීමටයි. ඒ සඳහා මේ වනවිට එහි ඉදිකිරීම් කටයුතු ආරම්භ කර තිබෙන අතර මුළු වියදම ලක්‍ෂ 25 ක්‌ පමණ වෙයි. එය ප්‍රදේශවාසී දායක පින්වතුන්ගේ ආධාර උපකාර ඇතිව සිදුකරගෙන යන අතර හැකි ඕනෑම කෙනකුට මේ සඳහා දායක විය හැක. එබැවින් පහත දුරකථන අංකයෙන් තොරතුරු දැනගත හැක (0716322471) මෙවැනි අප්‍රසිද්ධ වූ පූජනීය ස්‌ථාන දැක බලාගෙන ඔබත් පින් සිත් පහළ කරගන්නා ලෙස මෙත් සිතින් ආරාධනා කර සිටින්නෙමු.

වග විමල හිමි


free counters